Posts

ඇයත් මවක්

 දකින විට මුව කමල නුඹේ  සිහිවෙන්නේ අම්මව මගේ  අනේ නුඹටත් ඇතිනේ  නුබේ කුසින්  වැඩූ දරුවෙක් නිවසේ  ඇයි අම්මේ මේ පහ පාරේ  ඇසූ විට කඳුළු වැගිරුණේ නුඹ වගේම කෙළියක් මටත් ඉන්නවා  දුවේ නිවහනේ  වයසයිනේ දැන් හොදටෝම  වාරූ නැ අත පය  හරියකට  අහන් ඉන්න බැරිම තැන  කියනා දොස් මුරය විටින් විට  වෙන දෙයක් නැති තැන  ආවා  මහපාරට  ඒකි මගේ පණ ටික  ඉගැන්නුවා  හොඳටෝම  දුකක් නෑ මට  ඒකි අද හොඳ තැනක  ...

අප්පච්චි ...

 නිහඬවම මා දිහා බලා හිද  හීන්සැරේ නින්දට ගිය විට  ආදරෙන් හිස ඉම්බ  පුංචි වරදටත් රවමින් මට   තැලුව , ඒත් අප්පච්චි  තමයි මගේ මගේ මුළු ලෝකෙම .. මගේ  හම දිලිසෙද්දී  නුඹේ හම වැහැරිලා කළු  වෙච්චි  යටිපතුල මගේ රෝස පැහැ වෙද්දි  පැලිලා ඉරිතලා ගිහින් නුඹේ පතුල්  අප්පච්චි  ආදරයෙන් මා බදා  නොදුන්නට   හාදු වැසි  දන්නවා මම තමයි නුඹේ ලෝකෙම  වෙච්චි  රහසේ පෙම් කරන හැටි අරුමයක්  වෙද්දි  සත්තමයි  කවි ලිය වුනා  මදි  අප්පච්චි 

අහිමි පෙම

 විඳින්නට නොහැකි වූ කල ප්‍රේමය .... මෙතරම්  ව්‍යාජ අංශුවක් දැයි  සිතුණි  ප්‍රේමයෙන් උමතුව ප්‍රේමයක් ලබන්නට  සිත් නොමැති ඔහු  මිනිස් යන්ත්‍රයකි... බලා හිදිමි මතු භවයක හෝ නෙත ගැටි  පළමු දිනේ  මෙන්  නොවෙනස් වූ පෙමක් .... සොයන්නේමි   මං ගැන නිරතුරුව  බිරිඳ කරගන්නට වෙර දරන කෙදිනක හෝ  විවාහයකි  මැරුණු සිතැති ... එතකල් සිටින්නෙමි මා  සිත් පිත්  නැත්තකු සේ  .....