ඇයත් මවක්

 දකින විට මුව කමල නුඹේ 

සිහිවෙන්නේ අම්මව මගේ 

අනේ නුඹටත් ඇතිනේ 

නුබේ කුසින්  වැඩූ දරුවෙක් නිවසේ 


ඇයි අම්මේ මේ පහ පාරේ

 ඇසූ විට කඳුළු වැගිරුණේ

නුඹ වගේම කෙළියක් මටත් ඉන්නවා 

දුවේ නිවහනේ 


වයසයිනේ දැන් හොදටෝම 

වාරූ නැ අත පය  හරියකට 

අහන් ඉන්න බැරිම තැන 

කියනා දොස් මුරය විටින් විට 

වෙන දෙයක් නැති තැන 

ආවා  මහපාරට 


ඒකි මගේ පණ ටික 

ඉගැන්නුවා  හොඳටෝම 

දුකක් නෑ මට 

ඒකි අද හොඳ තැනක  ...


Comments