අප්පච්චි ...

 නිහඬවම මා දිහා

බලා හිද 

හීන්සැරේ නින්දට ගිය විට 

ආදරෙන් හිස ඉම්බ 

පුංචි වරදටත් රවමින් මට  

තැලුව ,

ඒත් අප්පච්චි 

තමයි මගේ මගේ මුළු ලෝකෙම ..


මගේ  හම දිලිසෙද්දී 

නුඹේ හම වැහැරිලා කළු

 වෙච්චි 

යටිපතුල මගේ රෝස පැහැ වෙද්දි 

පැලිලා ඉරිතලා ගිහින් නුඹේ පතුල්

 අප්පච්චි 


ආදරයෙන් මා බදා  නොදුන්නට 

 හාදු වැසි 

දන්නවා මම තමයි නුඹේ ලෝකෙම

 වෙච්චි 

රහසේ පෙම් කරන හැටි අරුමයක්

 වෙද්දි 

සත්තමයි  කවි ලිය වුනා  මදි 

අප්පච්චි 



Comments

Popular posts from this blog

ඇයත් මවක්

අහිමි පෙම