අහිමි පෙම

 විඳින්නට නොහැකි වූ කල

ප්‍රේමය ....

මෙතරම්  ව්‍යාජ අංශුවක් දැයි 

සිතුණි 


ප්‍රේමයෙන් උමතුව

ප්‍රේමයක් ලබන්නට 

සිත් නොමැති ඔහු 

මිනිස් යන්ත්‍රයකි...


බලා හිදිමි මතු

භවයක හෝ නෙත ගැටි 

පළමු දිනේ  මෙන් 

නොවෙනස් වූ පෙමක් ....


සොයන්නේමි   මං ගැන නිරතුරුව 

බිරිඳ කරගන්නට වෙර දරන

කෙදිනක හෝ  විවාහයකි 

මැරුණු සිතැති ...


එතකල් සිටින්නෙමි මා 

සිත් පිත්  නැත්තකු සේ  .....

Comments

Popular posts from this blog

අප්පච්චි ...

ඇයත් මවක්